Thursday, September 14, 2017

ආනාපානාසති භාවනාව වඩමු

දැනට ලෝකය පුරා ඉතාමත් ප්‍රචලිත භාවනා ක්‍රම වලින් වැඩිම ප්‍රමාණයක් ශ්වසනය හා සම්බන්ධ භාවනා ක්‍රම වේ .ඉතාමත් ප්‍රබල ශ්වසන අභ්‍යාස ක්‍රමයක් වන්නේ ආනාපානා සති භාවනාවයි .

ආනාපාන සතිය වඩන බොහෝ ආකාර ඇත .මහා සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය ආදී සූත්‍ර විශාල ප්‍රමාණයක ආනාපානා සති භාවනාව පිළිබඳව විස්තර කර ඇත.අන් භාවනා ක්‍රමවලට වඩා ආනාපානා සති භාවනාව තුළ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ම ඇත .

ආනාපාන සතිය වඩන පිළිවෙල

ආනාපානාසතිය අදියර කිහිපයකින් සමන්විතය

  1. හුස්මට අවධානය යොමු කිරීම
  2. හුස්මට සිත බැඳ බැඳ වීමට උත්සාහ කිරීම
  3. ධ්‍යාන ගත වීම

ආනාපාන සතිය වඩන ක්‍රම


  1. නාසිකාග්‍රය හෝ උඩුතොල වෙත අවධානය යොමු කිරීම
  2. කය තුළට අවධානය යොමුකර අභ්‍යාස කිරීම
  3. උදරය පිඹීමට හා හැකිලීමට සිත යොමු කිරීම
  4. හුස්ම දිගේ සිත ඉහල පහල යවීම
  5. හුස්ම ගණන් කිරීම
  6. හුස්ම සමග සමග දෑත් පපුව අසල ඉහල පහල යැවීම


1.නාසිකාග්‍රය හෝ උඩුතොල වෙත අවධානය යොමු කිරීම.

බොහෝ දෙනෙකුට භාවනා කිරීමේ දී එම භාවනාව අසාර්ථක වන්නේ ය බොහෝ වෙලාවට වැරදි ඉරියව් භාවිතා කිරීමයි නිවැරදි ඉරියව් භාවිතා කිරීමෙන් කෙටි කලකින් උසස් ප්‍රතිඵල ලබාගත හැකි ය .

භාවනාවට ඔබ කැමති පහසු ඉරියව්වක් භාවිතා කළ හැක.ඔබ කැමතිනම් ඉදගෙන හිටගෙන,සැතපීහෝ වෙනත් ඕනෑම ඉරියව්වකින් භාවනා කළ හැකියි.නමුත් ඔබට ගැඹුරු සමාධියක් උපයා ගැනීමට නම් ඉඳගෙන භාවනා කළ යුතුයි.
කද සෘජුව තබා දෙපා හරස්කොට හිද ගැනීමෙන් පහසුවෙන් සමාධි ගත විය හැක.
දෑස් පියාගෙන හෝ දැස් හැරගෙන භාවනා කල හැකියි.සමහර භාවනාක්‍රම දෑස් හැරගෙන සිදුකරයි. කසිණ වැනි භාවනා ක්‍රම දෑස් හැර ආරම්භ කොර පසුව දෑස් පියාගෙන වඩයි.
ශරීරය සෘජුව තබාගෙන දෑස් වසා හෝ දෑස් හැරගෙන සිටින්න පලමුව අප ශරීරය ඉහිල්ව තබාහැනීම ඉතා වැදගත්ය.නැතිනම් ශාරීරයේවේදනා හටගෙන භාවනව නිසිපරීදි වැඩීමට නොහැකිවිය හැක.
එ නිසා සන්සුන්ව දෙපතුලේ ඇගිලිතුඩුවලසිට හිස්මුදුන දක්වා මනසින් පරීක්ෂාකර හිරවෙන,අපහසු දැනෙන තැන් ඇත්නම් ඒවා පහසු ඉරියව්වකට සකස් කරගන්න.සිත සමාධි ගත වනවිට මුලු ශරීරයේම සෙලවීම දැනෙන්නට පටන්ගනී.ඒ සෙලවීම සම්පූර්ණයෙන් අවසන්වී මුලු ශරීරයම නිසලවූ බව දැනුනු පසු සමාධි ගතවූ බව තහවුරුකල හැකිය.

පලමුව ගැඹුරු හුස්ම සෙමින් ගෙන සෙමින් හුස්ම පිට කරන්න .මෙසේ කීපවර කරනවිට තාමාටම සැහැල්ලුවක් දැනෙනු ඇත. කලබල කාරී ස්වාභාවය නැතිවී සංසුන් බවක් දැනෙනු ඇත.එවිට භාවනාව ආරම්භ කරන්න .
සෙමින් හුස්ම ශරීරය ඇතුලට ගන්න.මේ ගන්නා හුස්මරැල්ල අපගේ නාසයේ කෙලවරක වැදී ශරීරය තුලට ගමන් කරයි. මේ හුස්ම රැල්ල වදින ස්ථානය අප මනසින් ලකුණුකල යුතුයි.හුස්ම රැල්ල වදින ස්ථානයට සිත ගෙන ගොස් සිත එතන තබා.හුස්ම ගත යුතුයි හුස්ම හෙලිය යුතුයි. මෙහිදී අප කිසිවක් සිතිම මෙනෙහි කිරීම තහනම්‍ ය.හුස්ම රැල්ල වැදී ඇතුලට යාමත් නැවත වැදී ඉවතට යාමත් දෙස බලාසිටිය යුතුයි. දොරටු පාලකයකු දොරටුව අසල සිටගෙන ඇතුලට එන පුද්ගලයන් දෙස බලාසිටි. නැවත එලියට යන පුද්ගලයන් දෙස බලාසිටි.නමුත් ඔහු එන යන පුද්ගලයන් පසු පස ගමන් නොකරයි.එලෙසම දොරටු පාලකයා සේම ඔබත් ඔබේ සිත නාසයේ කෙලවර හුස්ම කැපෙන ස්ථානයට ගෙන ගොස් හුස්ම රැල්ලේ ගැටීමට සිත තබා. එය දෙස බලාසිටින්න.එසේ සිටින විට එම සථානය රත්වෙනවා සේ් ඔබට දැනීමට පටන්ගනී එවිට එතැනටම සිත තබාසිටින්න එවිට හුසම රැල්ල දීර්ඝ වී හුස්මරැල්ල කෙටි වී තුනී වී ගොස් කසිණ නිමිත්ත හෙවත් ආලෝක නිමිත්තක් මතුවී අනතුරුව පූර්ණ සමාධියට පත් වේ.


ඉතිරිය බලාපොරොත්තු වන්න.
තෙරුවන් සරණයි .

Friday, December 25, 2015

කුණ්ඩලනී ශක්තිය පිලිබද තවත් ගැඹුරට ( 02 කොටස)





පසුගිය ලිපියතුලින් කුණ්ඩලනී ශක්තිය පිලිබද කතා කල අතර මෙම ලිපිය තුලින් එම ශක්තිය පිලිබද තවත් ගැඹුරින්.

කුණ්ඩලනී ශක්තිය නැතිනම් කුණ්ඩල යෝණි ශක්තිය නම් වේ.  මේ ශක්තිය  අපේ මොළයේ අනුමස්තිස්කයේ ඇති ස්නායු සිතින් එක් තැනකටගෙන පාලනය කර එය අප යෝණි ප්‍රදේශයට ගෙන තැන්පත්කර  එම ප්‍රදේශයෙන් ශක්තිය නිකුත් කර එම ශක්තියෙන් මුලු ශරීරයම ක්‍රියත්මක කිරීම කුණ්ඩල යෝණි ශක්තියයි. කුණ්ඩල  යෝණී ශක්තිය තනිකරම අප ස්නායු පද්ධතියේ සිදුවන යම්කිසි සැකැසක්මක් පමණි.

ලොව පුරා විවිධ කතාබහට ලක්වන මේ ශක්තිය පිලිබදව විවිධ වූ උපකල්පනයන් ලබා දී තිබේ.ශරීරයේ පිහිටා ඇති යම් චක්‍ර 7ක් විවිධ භාවන ක්‍රම මගින් එකින් එක අවදි වීමෙන් මේ ශක්තිය ලබාගත හැකි බව දැනට ලොව පුර හා අප රටේද මූලිකව මේ ශක්තිය හදුන්වයි. 

ලොව පුරා මේ ශක්තිය හදුන්වන ආකාරය


නමුත් මේ කුණ්ඩල යෝණි ශක්තිය සම්පූර්නයෙන්ම අප ස්නායු පද්ධතියේ සිදුවන යම් සැකස්මක්ම පමනි.
මේ ශක්තිය ලබාගත් පසු විවිධ දේ අප මනසට කිරීමේ හැකියාව ලබේ එලෙසම ඔනෑම පුද්ගලයකුට මේ ශක්තිය ලබාගත හැකිය.නමුත් තමා යම්කිසි ඵලයක් බලාපොරොත්තුවෙන් කිරීම අසුභය. එලෙස තමා යම්  ඵලයක් බලාපොරොත්තු වූ තැනම මේ ශක්තිය එසැනින් යටපත්වී යයි. එයට හේතුව පැහැදිලිකලොත් අප ගනිමු අපේ කෝටියක ස්නායු පද්ධතියේ ඇත්තේ ස්නායුදේහ,නියුරලේමාවන්ය එහි පිහිටා තිබෙන්නේ මේද කොපුය  මේ දෙක අතර සජාතීය ආරෝපන තිබේ (සෝඩියම් අයනයිට් , පොටෑසියම් අයනයිට් ) අප සිතින් ස්නයු පද්දතිය උත්තේජනය කරගත්විට එනම් හිත ශක්තිමත්ව අධිෂ්ඨානයෙන්  යම්කිසි ප්‍රර්ථනාවක් කල විට අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් රසායනික ප්‍රතික්ක්‍රියාව වැඩිවී ස්නායු පද්ධතියේ සෝඩියම් හා පොටෑසියම් අයන වැඩිවීමට ලක්වේ එවිට අප ස්නායු පද්ධතිය ඉක්මනින් වැඩ කිරීමට ගැනීමෙන් උපාගමනයට ඇති සින්තටික්  හෝමෝනය (Synthetic Hormones) අදිකව ක්‍රියාකිරීමට ගනී. එවිට අප මොලයට වඩා ස්නායු පද්ධතිය දහස්වරක් වැඩ කරීමට ගනී එවිට අප මනසට දැනෙන ප්‍රමණයට වඩා දැනීම ඉතාමත් වැඩිවේ.


ස්නායු පද්ධතිය පිලිබද කෙටි හැදින්විිමක් කලහොත්.මුලික වශයෙන් ස්නායු පද්ධතිය මගින් සිදුවන්නේ සෛලයකින් සෛලයකට සංඥා සම්ප්‍රේෂණය කිරීමයි. මේ සඳහා ශරීරයේ තවත් ක්‍රම තිබේ. ඉන් එකක් නම් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නමැති රසායනික සංයෝග මුදාහැරීමයි. එයින් වෙනත් ස්ථානයක ඇති සෛලවලට පණිවිඩ ලබාදිය හැකියි. එය සංඥා විකාශනයක් වැනිය. ස්නායු පද්ධතිය මඟින් කරනුයේ අවශ්‍ය ස්ථානයට කෙලින්ම පණිවිඩ ලබාදීමයි. හෝමෝනවලට වඩා ස්නායු මඟින් විශිෂ්ට ලෙස හා වේගයෙන් ආවේග සම්ප්‍රේෂණය කිරීමට පුළුවන. නියුරෝන තුලින් ආවේගවලට තත්පරයට මීටර් 100(120 ක් පමණ) කට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකිය.
ස්නායු පද්ධතිය මඟින් සංවේදී අවයවවලින් තොරතුරු රැගෙන එම සංඥා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට සම්ප්‍රේෂණය කරනු ලබයි. මධ්‍ය ස්නායු පද්ධතිය මඟින් එන තොරතුරු සැකසීමෙන් පසු අදාළ උත්තේජය සඳහා සුදුසු ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අවශ්‍ය සංඥා ස්නායු හරහා කාරක අවයවය (පෙශියක් හෝ ග්‍රන්ථියක්) වෙතට සම්ප්‍රේෂණය කරයි.
ආවේග සම්ප්‍රේෂණය



මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන්


ස්නායු පද්ධතියේ සිදුවන සැකැස්මෙන් පසු උදාහරණයක් ලෙස ගමු බළලෙකු. බළලාට අපට වඩා  රාත්‍රි කාලයේ දී හොඳින් දර්ශනය වේ. මෙලෙස ස්නායු පද්ධතිය දියුණු කල විට ඒ බළලා ගේ ඇස් තරමටම අපට අඳුරේ  දී දර්ශනය වීමට ගනී ඊටත් වඩා හොඳින් අපට දර්ශනය වීමට ගනී.එවැනි පරාසයන් සියල්ලක්ම අපට පෙනෙන්න ගනී. අපේ ඇස්වල ඇති කේතු සෛල(වර්ණයන් සඳහා සංවේදී)  හා යෂ්ටි සෛල (අඩු ආලෝකයන් සදහා සංවේදී) (Cone cell and Rod cells) මොළයේ ස්නායු පද්ධතිය නිසා සකස්වී වෙනස්වී අපට රාත්‍රීයේ පවා පෙනීමට ගනී ඇස් පියාගෙන පවා අපට පෙනෙන්න ගනී


කේතු සෛල


යෂ්ටි සෛල















මොළයේ ස්නායු පද්ධතිය

මොළයේ ස්නායු පද්ධතිය ශරීරයේ කොටස්වලට සමිබන්ධවන අයුරු




බළලෙකුට හා මිනිසකුට රාත්‍රි කාලයේ දී පෙනෙන අයුරු

තවත් උදාහරණයක් ගතහොත් වවුලකුට කිලෝමීටරයක් දුරින් ගසක් ඇත්නම් එය අයින්කරන් යායුතු බව ඌට දැනෙයි මෙලෙස ස්නායු පද්ධතිය දියුණු කල විට අපේ මේ කර්ණශංඛයට(ear cochlea) එන දෝලනය ධරණකයට දැනී ඉක්මනින් ඉක්මනින් මේ ධරණකය කම්පනය වී දුර ඇති ශබ්ද හොඳින් ඇසීමට හැකිවේ. මෙය ටෙලිපති ක්‍රමය ලෙසත් හැඳින්විය හැකිය.අතීතයේ දුර සිටින කෙනෙකුට පණිවිඩයක්  ලබා දීමට දුරකථන නොතිබු බැවින් බුදු පියානන් වහන්සේ ගමන් කරන ස්ථානයේ මනස දියුණු කල ස්වාමීන් වහන්සේ නමකට  සිතින් පණිවිඩයක් ලබා දේ එවිට උන්වහන්සේට ආසන පනවා සූදානම් කරයි.දුරකථනයෙන් පණිවිඩ යන වේගයට වඩා වේගයකින් මනිසින් ඒ පුද්ගලයටම  පණිවිඩය ලැබෙයි. 



කර්ණශංඛය


මෙලෙස ස්නයු පද්ධතිය දියුණුකරගෙන යනවිට සියල්ල දැනෙන්න ගනී තවද  අහසේ ගමන් කරන ක්ෂුද්‍ර ජීවීන්, ඊතර්ප්ලස්මා කියන ජීවීන් එනම් භූතයින්ය. මේ ආදී  සියල්ලම පෙනෙන්නට ගනී.
ක්ෂුද්‍ර ජීවීන්
ක්ෂුද්‍ර ජීවීන්


පෙර කී පරිදි අප දැනගත යුතුයි අවශ්‍ය දේ පමණක් අල්ලා ගැනීමට.යම් තැනක සිතුනහොත් මගේ ශක්තිය දියුණු වූවා, මට හැකියාවක් ඇත කියා ඒ සිතන පරක්කුවෙන් එම ශක්තිය යටපත් වී යයි.

ශරීරයේ සෑම තැනම විසිරී ගිය ශක්තීන් හා විශ්වයේ පවතින ශක්තීන් එක්තැන්කර  විවිධ දේ සිදුකර හැකිය. අප ප්‍රාර්ථනාවන් පවා ඉෂ්ඨ කරගත හැකිය. මේ සියල්ලක්ම අප ධාර්මිකව සිදුකරගත යුතුය.
මේ අපූරු ශක්තිය නිවරදිව ලබාගැනීම ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න. සැමට තෙරුවණ් සරණයි...!






මෙහි අඩංගු සියලුම කරුණු යම් පොතකින් හෝ වෙබ් අඩවියකින් උපුටා නොගත් බවත් කරුණු සදහා බලබෝව භාවනා මධ්‍යස්ථානයේ වෛද්‍ය ආචාර්යයතුමාගේ සහයෝගය ලැබුණූ බවත් සලකන්න.

Sunday, November 22, 2015

කුණ්ඩලනී ශක්තිය. (කුණ්ඩල යෝණි ශක්තිය.) ( 01 කොටස)


කුණ්ඩලනී  ශක්තිය යනු අප හැම කෙනෙකුගෙම ශරීරයේ පවත්නා ජීව ශක්තියක් නැත්නම් ප්‍රාණ ශක්තියක්.මේ ශක්තිය ආරමිභ වන්නේ  ශරීරයේ කොදූ 
ඇට පේලිය කෙලවරේ ගුද මාර්ගයට ඉහලින් ඇති ප්‍රදේශයෙනි.විවිධ භාවනා ක්‍රම මගින් මේ කුණ්ඩලනී ශක්තිය අවදිවීමට ලක්වේ.අවදි වු කුණ්ඩලනී ශක්තිය ක්‍රමයෙන් කොදු ඇට පේලිය හරහා ඉහලට නගිම ආරම්භවෙයි.කොදු ඇට පේලියෙ පුරුකෙන් පුරකට මේ ශක්තිය ඉතාමත් සෙමින් ඉහලට නගීම සිදුවෙයි.
















මේ කුණ්ඩලනී ශක්තිය ඉහලට නැගීම ඉතමත් භායනක දෙයක් මන්ද මේ ශක්තිය ඉහලට  ගමන් කරනවිට එය සාමාන්‍ය පුද්ගලයෙක්ට දරාගැනීම අපහසුවේ.කුණ්ඩලනී ශක්තිය අවදි කිරීම හා අවදිවු ශක්තිය ඉහලට ගනීම ඉතමත් භයානක කාර්යයකි. මේ සදහා තමා ඉතා නීරෝගී පුද්ගලයෙකු විය යුතුයි.සහ තමා හොද ශරීර සම්පන්න පුද්ගලයෙක් විය යුතුයි.ඉතාමත් වැදගත් දේ මනා පලපුරුදු ගුරුවරයෙක් යටතේ මේ භාවනා ක්‍රම පුරුදු කලයුතුය.මන්ද මෙ ශක්තිය ඉහලට නගිනවිට නිවරදි මර්ගය පෙන්වා දීමට මේ සදහා පලපුරුදු ගුරුවරයෙකු සිටිය යුතුයි.නැතිනම්  මේ ශක්තිය තමාට පාලනය කරගැනීමට නොහැකිවුවහොති ජීවිතකාලයටම ගොඩ ගනීමට නොහැකි අන්ශභාග රෝගියෙක් බවට පත්විය හැක.නැතිනම් පපුවෙ අමරුවකින් එතනම මියයාමට පවා ඉඩ ඇත.එවැනි භයානක දෙයකිමේ ශක්තිය අවදිකිරීම.ඉහලට නැගීමේදී ඉතාමත් සීරුවෙන් කලබල නොවී සෙමින් සෙමින් පුරුකෙන් පුරුක පුලුවන්තරම් කාලය ගෙන ඉහලට නැග්ම කල යුතුයි.නැතිනම් ප්‍රතිඵලය ඉතාමත් භයනක වියහැකි.



මේ ශක්තිය සම්බන්දව ටිකක් ගැබුරින් කතාකලහොත් කුණ්ඩලනී ශක්තිය යනු අප ශරීරයේ ඇති ස්නයු පද්දතියේ සිදුවන යම්කිසි සැකැස්මකි.මේ ශක්තිය ප්‍රගුණ කලපසු  අප සිතට විවිධ වු දේ කිරීමේ හැකියාවන් ලබේ.අප භාවනවේදී සිත ශක්තිමත් කර යම්කිසි ප්‍රර්තනවක් සිදුකරයි මෙහිදී මේ ශක්තිය අවදිවී ක්‍රමක් ක්‍රමයෙන් ඉහලට නගීම ආරම්භවේ.හරියටම මේහිදී සිදුවන්නේ අප ශරීරයේ ස්නායු පද්ධතියේ සිදුවන යම්කිසි රසයනික වෙනස්වීමකි.එනම් අප ස්නයු පද්ධතියේ උත්පාදනය සීග්‍රයෙන් වැඩිවීමට ලක්වේ.මෙලෙස වැඩිවීමේදී අප ස්නයු පද්දතිය වේගයෙන් වැඩකිරීමට පටන්ගනියි.මෙලෙස වෙගයෙන් වැඩකිරීමේදී සින්තටික් හෝමෝනය (synthetic hormones)අදිකව ක්‍රියාකිරීමට පටන්ගනි එවිට සාමාන්‍ය කෙනෙකුට වඩා අපේ මොලය හා මනස දාහස්ගුණයකින්  ස්නායු පද්ධතිය වැඩ කිරීමට පටන්ගනී. එලෙස ස්නායු පද්ධතිය සැකස්ම තුලින් අපේ මන්සට ඉතා විශල දේවල් සිදුකිරීමට හැකියව ලබේ. අදුරේදී අපට වඩා බළලුන්ට හොදින් පෙනේ. ඉතින් මේ ස්නයු පද්ධතියේ  සැකැස්ම තුලින් අපේ ඇස්වල පෙනීම සීග්‍රයෙන් දියුණුවීමට පටන්ගන්නවා බළලෙකුටත් වඩා හොදින් අපිට අදුරේදී පෙනෙන්න ගන්නවා. රැය දවල් සේ පෙනෙන්න ගන්නවා.ඇස් පියාගෙන  පෙනෙන්න ගන්නව.අපි ජීවතිවන පරිසරයේ ඇසට නොපෙනෙන ක්ශුද්‍ර ජීවීන් විශාල ප්‍රමනයක් ජීවත්වේ. ක්‍රමයෙන් එම ජීවීන් පවා අපට දර්ශනය  වීමට ගනී.







එලසම ඉතාමත් සියුම් අන්ශු වලින් සෑදුන ජීවීන් ක්‍රමයෙන් දර්ශනයවීමට ගන්නව.එනම් බූතයින් අපට පෙනෙන්න ගනී.අපට අසෙනපරාසය ක්‍රමයෙන් වැඩිවෙන්න ගන්නව.






සියුම් ශබ්දපවා ඇසෙන්න ගන්නව.දුරසිටින දෙදෙනෙක් කතාකරන දෙයක්පවා අපට අසෙන්නගන්නවා.අපි කුමනහෝ පුද්ගලයෙක් සිතින් මෙනෙහිකර ඔහු කතා කරන්න දෙය හෝ ඔහුසිතන දෙයපවා අපට දැනෙන්නගන්නවා.ඔහුට මනසින් අපට පණිවිඩයක් යවීමටපව හැකිවෙනව මෙය අප ටෙලිපති ක්‍රමය ලෙස හදුන්වනවා


DEMONSTRATED TECHNOLOGICAL TELEPATHY





 එලෙස මනසින් අපට පණිව්ඩ හුවමාරු කිරීමේ හකියව ලබෙනවා. මෙතැනදී  මේ කුන්ඩලණී ශක්තියතුලින් කලහැකි දේ ඉතා සුවල්ප ප්‍රමණයකි සදහන්වුයේ.අප හොදින් මතකතබා ගතයුතුයි කුමන ශක්තීන් ලබුනත් අපට අවශ්‍ය දේ පමනක් අල්ලගෙන අනවශ්‍ය දේ සියල්ලක්ම අත්හල යුතුයි.යම් කෙනෙක් මේ ශක්තිය තුලින් වැරදි  දෙයක් කලොත් එහා සමාන දහස්වාරයක  ප්‍රතික්‍රියාවක් ලබෙන බව මතක  තබා ගතයුතුයි. අවසන ලෙස මේ ශක්තිය  අවදිකිරීම ඉතමත් බයානකයි කලබල නොවී කලයගෙන සෙමින් සෙමින් මේ ශක්තිය ඉහලට ගත යුතුයි...  

( කුණ්ඩල යෝණී ශක්තිය හා අවදි කිරිම  අවදි වූ ශක්තිය ඉහලට ගනීම සම්බන්ද ඉදිරි ලිපි වලින් බලපොරොත්තු වන්න. සැමට තෙරුවණ් සරණයි. )